'සංජු' දින දෙකකදී කෝටි සියයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-06-ent-22

රාජ්කුමාර් හිරුණි අධ්‍යක්ෂණය කළ ‘සංජු’ චිත්‍රපටය දින දෙකක් තුළදී ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගන්නට සමත්ව ඇත. සිය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 37කට වඩා වැඩි මුදලක් මෙම චිත්‍රපටය විසින් උපයාගෙන තිබුණි.

එය මේ වසරේ බොලිවුඩ් චිත්‍රපටයක් විසින් සිය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දියාවේ පමණක් උපයාගත් වැඩිම මුදල ලෙස සිනමා ඉතිහසායට එක් වේ. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය ඉතා කෙටි කාලයක් තුළදී ඉහළ ලාභයක් ලබන චිත්‍රපටයක් බවට පත්වනු ඇති බවය. මෙම චිත්‍රපටය තිරගත වීමත් සමග සල්මාන්ගේ ‘රේස්’ දෙවැනි චිත්‍රපටය දිනකදී උපයාගන්නා ආදායම අඩුවී ඇති අතර, එය මේ වනවිට ඉන්දීය ප්‍රේක්ෂකයාගෙන් ඈත්ව යන චිත්‍රපටයක් බවටද පත්ව ඇත.