සංඝමිත්තා චරිතයට අලුත් කෙනෙක්
දමිල සිනමා නිර්මාණයක් ලෙස එළිදැක්වීමට සැලසුම් කර ඇති ‘සංඝමිත්තා’ චිත්‍රපටයේ වැඩ කටයුතු මේ දිනවල ආරම්භ කර තිබෙන බව සඳහන් වේ. ‘සංඝමිත්තා6 චිත්‍රපටය නිර්මාණය කරන්නට සැලසුම් කළ කාලයේදී මෙම චරිතයට තෝරා ගෙන තිබුනේ කමල් හසන්ගේ වැඩිමහල් දියණිය ශ්‍රෑති හසන්ය. මුලින් කැමති වුනද පසුව ඇය මෙම චරිතය ප්‍රතික්ෂේප කරමින් ඉවත් විය.
පසුව අනුෂ්කා ෂෙට්ටි හා ශ්‍රීයා සරන්ගේ නම්ද මෙම චිත්‍රපට චරිතයට යෝජනා විය. එහෙත්, කුමන හෝ හේතුවක් මත ඔවුන් මෙම චරිතයෙන් ඉවත් විය. ඔවුන්ගේ ඉවත් වීම මත තවත් බොලිවුඩ් හා කොලිවුඩ් සිනමා නිළියන් කිහිප දෙනෙකුගේ නම්ද මේ සඳහා යෝජනා විය.
කෙසේ වෙතත්, අවසානයේ මෙම චිත්‍රපටයට තෝරා ගෙන ඇත්තේ සිනමාවට නවකයෙකු වන ඩිෂා පටානිය. ඇය ‘මහේන්ද්‍ර සිං දෝනි’ බොලිවුඩ් චිත්‍රපටයේ මහේන්ද්‍ර සිංගේ පළමු පෙම්වතිය ලෙස ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක් විය.