ෂාහිඩ්ගේ බිරිඳට පොලීසියේ පැසසුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-01-ent-22

ෂාහිඩ් කපූර්ගේ ආදරණීය බිරිඳ පිළිබඳව ඉන්දියානු මාධ්‍ය පුවත් වාර්තා කරනු ලබන්නේ ඉතාමත් අතළොස්සකි. එයට හේතුව වන්නේ ඇය බොහෝ සෙයින් මාධ්‍ය තුළින් වසන් වීමට කටයුතු කරන බැවිනි. කෙසේනමුත් පසුගිය දිනෙක ඇයගේ ක්‍රියාකලාපයක් පිළිබඳව ඉන්දියානු පොලිස් නිලධාරියෙකු ප්‍රසංශා කර තිබෙයි.

එක්තරා අවහන්හලක් සඳහා ඇය ගොස් ඇති අතර, ඇගේ මෝටර් රථය නවතා ඇත්තේ මෝටර් රථ නොනැවැත්විය හැකි ස්ථානයකය. ඒ පිළිබඳව දැනුවත් කළ පසු ඇය වරද පිළිගෙන ඒ සඳහා නියමිත දඩය ගෙවීමටද කැමැත්ත පළකර තිබේ. එම කාරණාව හේතුවෙන් එම පොලිස් නිලධාරියා ෂාහිඩ්ගේ බිරිඳට පැසසුම් එක්කර ඇති බව සඳහන් වෙයි.

 

2017-06-01-ent-23