ෂාහිඩ්ගේ පවුලේ සවාරිය
තරමක් කාර්යය බහුල කාලයක් ගත කරන ෂාහිඩ් කපූර් මේ දිනවල සංචාරය සඳහා ගොස් තිබෙනවා. ඒ තම දියණියගේ උපන් දිනය වෙනුවෙන් බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ. අගෝස්තු 26 වැනිදාට ඇයට අවුරුද්දක් වන හෙයින් මේවනවිටම තම දියණියගේ එම දිනය සැමරීමට ෂාහිඩ් සහ මීරා තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ හේතුවෙන් මොවුන් මේ දිනවල විවිධ රටවල් සඳහා සංචාරය කර නැවත ඉන්දියාවට පැමිණි අගෝස්තු 26 වැනිදාට විශාල උපන්දින සාදායක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඉන්දියානු මාධය සඳහන් කරයි.