ෂාහිඩ් - මීරාගේ සැමරුම
බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර්ගේ බිරිඳ වන මීරා රාජ්පුත් ගැබ් ගෙන සිටින බව බොහෝදෙනා දන්නා කාරණාවකි. බොලිවුඩයේ සිටින සුන්දරම යුවළක් වන මොවුන් දෙදෙනා පසුගියදා තම දෙවැනි දරුවාගේ ආශිර්වාද සාදය පවත්වා තිබේ. දෙවැනි දරු ප්‍රසූතියට සූදානම් වන මීරා ඒ වෙනුවෙන් තම නිවසේ සාදයක් සූදානම් කර තිබුණු බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මේ පුංචි සාදය සඳහා මීරාගේ පවුලේ උදවියද සහභාගී වී තිබුණි.