ෂාහිඩ් කපූර්ට පිළිකාවක්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-21-ent-58

බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර්ට උදරයේ පිළිකා තත්ත්වයක් හටගෙන ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම විවිධ ඉන්දියානු වෙබ් අඩවි පුවත් වාර්තා කළේය. මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ෂාහිඩ්ගෙන් කරුණු විමසීමට උත්සහ කළද ඒ සඳහා පිළිතුරු දීමට ෂාහිඩ් ඉදිරිපත් නොවූ බවට සඳහන්වේ.

ෂාහිඩ්ගේ වෛද්‍යවරයා පවසා ඇති අන්දමින් මෙලෙස උදරයේ පිළිකා තත්ත්වයේ මූලික අවස්ථාවේ සාහිඩ් සිටින බව ඉන්දියානු පුවත් වාර්තා කර තිබුණි. කෙසේ වෙතත් මේ කාරණාව සම්බන්ධයෙන් ෂාහිඩ් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි. ඒ හේතුවෙන් ප්‍රචාරය වන පුවත් පිළිබඳ සැලකිලිමත් නොවන ලෙස ඔහු රසික රසිකාවියන්ගෙන් එහිදී ඉල්ලා සිට තිබේ.

 

 2018-12-21-ent-60 2018-12-21-ent-59