ෂාහිඩ් කපූර්ට තවත් දරුවෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-24-ent-65

‘පද්මාවත්’ චිත්‍රපටය හරහා මේ දිනවල ලොවපුරා ජනප්‍රියව සිටින ෂාහිඩ් කපූර් යළි පිය පදවියට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, මේ බව නිල මට්ටමින් තවමත් තහවුරු නොවන අතර, ෂාහිඩ්ගේ බිරිඳ මීරා රාජ්පූත් කපූර් විසින් සිය ‘ටිවිටර්’ ගිණුම හරහා කළ ප්‍රකාශයක් හරහා ඇය මේ වනවිටත් මවක් වී තිබෙන බව සඳහන් වේ.

2015 වසරේදී විවාහ දිවියට එක්වූ ෂාහිඩ් හා මීරා මේ වනවිට එක් දරු මවක්ද වේ. කෙසේ වෙතත්, කාලයක සිට ෂාහිඩ් කපූර් නොයෙකුත් රූපවාහිනි වැඩසටහන්වලට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ තමා ඉක්මණින් යළි පියෙකු වීමට සිහින දකිමින් සිටින බවය.