ෂාහිඩ් කපූර් අලූත් චරිතයක
පසුගිය දිනවල වැඩිපුර කතාබහටත් අගය කිරීමටත් ලක් වූ ටොයිලට් ඒක් පේ‍්‍රම් කතා චිත්‍රපටියේ අධ්යක්ෂ ශී‍්‍ර නාරායන් සිංහ ඔහුගේ ඊළග චිත්‍රපටිය සදහා තෝරාගෙන සිටින්නේ ෂාහිඞ් කපූර්ය.
‘‘කාමිනී, ජැබ් වී මෙට්, හයිදර්, උද්තා පන්ජාබ් වගේ චිත්‍රපටි තුළින් ෂාහිඞ් ඔහුගේ දස්කම් පෙන්නුම් කරලා තියෙනවා.. ඒ හින්දා ඔහු එක්ක මේ චිත්‍රපටියේ වැඩ කරන්න මම නොඉවසිල්ලෙන් මග බලාගෙන ඉන්නවා..’’ ශ්‍රී නාරායන් පවසයි.
උද්තා පන්ජාබ් හි චරිතයට සම්මාන රැුසක්ම හිමි කර ගත් ෂාහිඞ් කියන්නේ පද්මාවතී වැනි චිත්‍රපටියකින් පසුව කුමක් කරන්නේදැයි තමා දෙගිඩියාවෙන් කල්පනා කරමින් සිටි බවය.
‘‘ඒත් චිත්‍රපටියේ තිරකතාව කියවලා, අධ්යක්ෂ, නිෂ්පාදක හමු වෙලා කතාබහ කළාට පස්සෙ මට හිතුණා මේ චරිතයට මාව තෝරා ගැනීමෙන් ඔවුන් මට කළේ ගෞරවයක් කියලා..’’ ෂාහිඞ් කියයි.