ෂාහිඩ් ඉන්දියානු කෝටි 56ක වටිනා නිවසක් මිලට ගනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-25-ent-227

බොලිවුඩ් නළු ෂාහිඩ් කපූර් ඉන්දියානු සිනමාවේ නැගී එන නළුවෙකු ලෙස හඳුන්වනු ලබයි. මේ වනවිට ඔහුගේ බිරිඳ වන මීරා රාජ්පුත් දෙවැනි දරු උපත සදහා සූදානම් වන හෙයින් එම සතුට වෙනුවෙන් ෂාහිඩ් නව නිවසක් මිලදී ගෙන ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියානු කෝටි 56ක වටිනාකමකින් යුත් මෙම නිවස නිවාස සංකීර්ණයකින් මිලදී ගෙන ඇති අතර, ඒ සඳහා රජය වෙනුවෙන් මුද්දර ගාස්තුව වශයෙන් ඉ.කෝටි 2.91ක මුදලක් ගෙවා තිබේ. මෙම නිවාස සංකීර්ණයේ 42 සහ 43 වැනි මහලේ ආක්ෂේ කුමාර් සහ අභිෂේක් භච්චන්ගේ නිවාසද ඇති බව සඳහන් වෙයි. කෙසේවුවත් මීරාගේ දෙවැනි දරු උපතෙන් පසුව ඔවුන් මෙම නිවාස සංකීර්ණයට පදිංචියට යාමට තීරණය කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.