ෂාහිඞ් කපූර් සනීපෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-18-ent-25

පසු ගියදා ෂාහිඞ් කපූර් පිළිබ`දව පළ වූ පුවතක් නිසා ඔහුගේ රසිකයෝ බොහෝ කණගාටුවට පත් වූහ. සිනමා වෙබ් අඩවිවල පළ වූ එම පුවතින් කියැවුණේ ඔහුට උදර පිළිකාවක් වැළ`දී ඇති බවය. එය දැන ගත්තේ ඔහුගේ වෛද්‍යවරයාගෙන් බව ද ඒවායේ ස`දහන් විය. එහෙත් ෂාහිඞ් පවසන්නේ එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව හා තමා පූර්ණ සුවයෙන් පසු වන බවය. ඒ පිළිබ`දව සිත් කරදර කර ගත් රසිකයන්ටත් ඔහු සිය ස්තුතිය පළ කළේය.

‘‘ඇත්තටම ඔය වගේ බොරු පුවත් පළ කරලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියලා මට නම් හිතා ගන්නවත් බෑ.. ඒවයින් කී දෙනෙකුගෙ හිත් රිදෙනව ද, කී දෙනෙක් අපහසුවට පත් වෙනව ද..?’’ එසේ පැවසුවේ ෂාහිඞ් ගේ පවුලේ සාමාජිකයෙකි.