ෂාහිඞ් කපූර් දියණිය දොරට වඩමවයි
ෂාහිඞ් කපූර් සහ මීරා රාජ්පුත් ගේ පේ‍්‍රම කතාව සුරංගනා කතාවක් බ`දුය. දියණිය උපන්නාට පසුව ඒ සුරංගනා කතාව තවත් සුන්දර වූයේය. එහෙත් සෑහෙන කාලයක් යන තුරු දියණිය මාධ්‍යයෙන් ස`ගවා තබා ගන්නට ෂාහිඞ් සහ මිරා කටයුතු කළහ. මේ වන විට ඇගේ වයස මාස අටකි. පසු ගිය තුන්වනදා ඔවුහු දියණිය රැුගෙන නිවසින් පිටතට පැමිණියහ. ඇය දැක ගන්නට පොර කන මිනිසුන්ගෙන් දියණීය ආරක්ෂා කර ගන්නට ෂාහිඞ් කපූර් සෑහෙන වෙහෙසක් දැරුවත් සේයා රූ ගන්නවාට විරුද්ධ වූයේ නැත. මිෂා ඉපදුණ අලූත ඇගේ සේයා රුවක් අන්තර්ජාලයට එක් කරන ලද්දේ ෂාහිඞ් කපූර් විසිනි. එය බොහෝ සෙයින් ජනපි‍්‍රය වූයේය. එහෙත් ඉනික්බිතිව සෑහෙන කලක් ගත වෙන තුරුම ඇය දකින්නට කාටවත් පුළුවන් වූයේ නැත. මිරා සිය දියණිය රකින්නේ මැණිකක් රකිනා නා රජිඳකු ලෙසිනි. ඉහළ අධ්‍යාපනයක් ලද ඇය රැකියාවකට නොයන්නේ දියණිය නිසාය. ඇයට චිත‍්‍රපටි කිිහිපයකට ද ඇරයුම් ලැබිණි. එහෙත් ඇය ඒවා ප‍්‍රතික්ෂේප කළාය.
‘‘මම ගෘහිණීයක්.. මම ඒ බව කියන්නෙ හරි ආඩම්බරෙන්.. මට එක පැයක් දරුවා එක්ක ඉ`දලා ඊට පස්සෙ එයාව දාලා වැඩට යන්න පුළුවන්කමක් නෑ.. එහෙම කරන්න මගෙ දරුවා බලූ පැටියෙක් නෙමෙයිනෙ.. අම්මගෙ උණුසුම වුවමනා කාලේ එයාට ඒක ලැබෙන්න ඕන..’’ මෑතකදී පැවැත්වුණ පුවත්පත් සාකච්ඡුාවකදී මිරා එසේ පැවසුවාය. ඇගේ එම කතාව බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වී තිබේ.