ෂාරුක්ට පැරණි පෙම්වතියක් මුණ ගැහිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-04-ent-177

ආනන්ද එල්. රායි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ දිනවල මුම්බායිහි ‘කලාවති‘ කලාගාරයේදී සිදුවේ. තුන්කොන් ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ෂාරුක් ඛාන්, කත්‍රිනා කයිෆ් හා අනුෂ්කා ෂර්මා නිරූපණය කරති.

ෂාරුක් ඛාන් මීට පෙර රඟපෑ ‘ඕම් ශාන්ති ඕම්‘ හා ‘රබ් නේ බානා ඩී ජෝඩි‘ චිත්‍රපටයේ සුපිරි තරු යොදාගෙන ගීත ඇතුළත් කර තිබුණ අතර, ආනන්ද එල්. රායිගේ අලුත්ම චිත්‍රපටයටද එවැනි ගීතයක් ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ. මෙහි ඇතුළත් ගීතයක පසුගියදා රූපගත කළ අතර, එය ආලියා භාට්, කාජල්, රාණි මුඛර්ජි, කරිෂ්මා කපූර් හා ශ්‍රී දේවි රංගනයෙන් දායක වූ බව සඳහන් වේ. මේ සියලුම නිළියන් ෂාරුක් ඛාන්ගේ සිනමා පෙම්වතියන් ලෙස රංගනයෙන් දායකවී තිබීමද විශේෂත්වයකි.