ෂාරුක්ට දුන්න චරිතය විකී භාර ගනියි
ඉන්දීයාවෙන් බිහිවු දක්ෂ ගගනගාමියෙකු වු රාකේෂ් සර්මාගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්රපටයෙන් ෂාරුක් ඛාන් ඉවත්ව තිබෙන බව සඳහන් වේ. ෂාරුක් ඛාන්ට පෙර මෙම චරිතයට අමිර් ඛාන් හා ජෝන් ඒබ්ර්හිම්ගේ නමද යෝජනා වි තිබුණ අතර, ඔවුන් සියලු දෙනාම මෙම චිත්රපට චරිතය ප්රතික්ෂේප කර තිබුණි.
කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට මෙම චිත්රපටයේ රාකේෂ් ෂර්මාගේ චරිතය නිරූපණය කරන්නට ජනප්රිය බොලිවුඩ් සිනමා නළු විකී කෞශාල් භාරගෙන ඇති බවය. විකී මේ වසරේ රංගනයෙන් දායක වූ සිය පළමු චිත්රපටය ‘යූරි’ ඉන්දිය රුපියල් කෝටි 200ට ආසන්න මුදලක් උපයා ගන්නට සමත් විය.