ෂාරුක්ගේ ‘රායිස්’ කෝටි 250යි
මේ වසරේ තිරගත වු ෂාරුක් ඛාන්ගේ පළමු චිත්‍රපටය වන ‘රායිස්’ චිත්‍රපටය මේ වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 250ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. ‘රායිස්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 250ක් උපයද්දි ‘රායිස්’ චිත්‍රපටයට පසුව තිරගත වු ආක්ෂේ කුමාර්ගේ Jolly LLB 2 චිත්‍රපටය මේ වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 200කට ආසන්න මුදලක් උපයාගෙන තිබේ.
සිනමා විචාරකයන් පවසන්නේ ෂාරුක්ටගේ ‘රායිස්’ චිත්‍රපටයට වඩා ආක්ෂේගේ Jolly LLB 2 චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇති බවයි. එමෙන්ම ‘රායිස්’ චිත්‍රපටය තිරගතවූ දිනයේදීම තිරගත වු ‘කාබිල්’ චිත්‍රපටයද ඉන්දීයාවේ පමණක් රුපියල් කෝටි 125ක ආදායමක් උපයා ගැනීමට සමත් විය.