ෂාරුක්ගේ මිළඟ චිත්‍රපටය කොමඩියක්ද?
අදටද බොලිවුඩයේ ‘කිං ඛාන්’ ලෙස බොහෝ දෙනෙකු හඳුන්වන ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වෙන මිළඟ චිත්‍රපටය පිළිබඳව ඉඟි කිහිපයක් වාර්තා වෙමින් පවතියි. ඉහළ ආදායම් උපයා ගත් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ රාජ්කුමාර් හිරුණි විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර, එය හාස්‍යමය චිත්‍රපටයක් බව සඳහන් වේ.
ෂාරුක් 1990 හා 2000 දශකය තුළ බොහෝ හාස්‍යමය චිත්‍රපටවල රංගනයෙන් දායක වුවද එතැන් සිට මේ දක්වා එවැනි හාස්‍යමය චිත්‍රපටයකට සම්බන්ධ නොවී ඇත. සිනමා විචාරකයින් පවසන්නේ ෂාරුක් නැවතත් හාස්‍යමය චිත්‍රපටයකට යොමුවීම ඉතා හොඳ තිරණයක් බවය.