ෂාරුක්ගේ මිළඟ චිත්රපටය ගැන ඉඟියක්
‘සිරෝ’ චිත්රපටය අසාර්ථක වීමෙන් පසුව මේ වනවිට තාවකාලිව රංගනයෙන් ඈත්ව සිටින සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ මිළඟ චිත්රපටය ගැන මේ වනවිටත් ඉඟි පළවෙමින් පවතියි. කෙසේ වෙතත්, ෂාරුක් ඛාන් පසුගිය කාලයේ තමාට ලැබුණ චිත්රපට කිහිපයක්ම ප්රතික්ෂේප කළ අතර, සුපිරි අධ්යක්ෂවරුන් කිහිප දෙනෙකුගේම නිර්මාණද ඒ අතර තිබුණ බව සඳහන් වේ.
දැනට ලැබෙන වාර්තාවලට අනුව ෂාරුක් ඛාන්ට අමිතාබ් බච්චන් රඟපෑ ‘සාත් පේ සාත්’ චිත්රපටයේ අනු නිර්මාණය සඳහා සම්බන්ධ වීමට ආරාධනා ලැබි ඇත. ෂාරුක් මෙහි කත්රිනා කයිෆ් සමග රංගනයෙන් එක්වෙන බවට නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කර සිටින අතර, ෆර්හාන් අක්තාර් විසින් නිෂ්පාදනය කොට අධ්යක්ෂණය කරන ‘ඩොන්’ තුන්වැනි චිත්රපටයද ෂාරුක් පෙනි සිටින බවට තොරතුරු ලැබේ.
‘මේන් හූනා’ දෙවැන්න, ‘ඉන්ස්පැක්ටර් ගුලාබ්’, වික්රම වෙදා’ දමිල චිත්රපටයේ හින්දි නිර්මාණය, ‘හේ රාම්’ දෙවැන්න, සංජය ලීලා බන්සාලිගේ ‘ඉන්සල්ලා’ චිත්රපට සඳහා ෂාරුක් ඉදිරියේදී එක්වෙන බවට තොරතුරු වාර්තා වන්නේය.