ෂාරුක්ගේ දියණිය අන්තර්ජාලය කලබයි
බොලිවුඩ් සිනමාවේ රජු ලෙස හඳුන්වන ෂාරුක් ඛාන්ගේ දියණිය පිළිබඳව මේ දිනවල බොහෝ කතාබහට ලක්වී තිබේ. තරුණ වියේ පසුවන සුහානා ඛාන් තමන්ගේ ට්විටර් ගිණුමේ පළ කරනු ලබන ඡායාරූප කාගෙත් අවධානයට යොමුව තිබේ. බොහෝ දෙනෙකු පවසන්නේ ෂාරුක් ඛාන්ගේ දියණිය නුදුරේදීම සිනමාවට දායක වන බවය. ඇයට මේ වනවිට වෙළෙඳ දැන්වීම් සඳහා ආරාධනා ලැබී ඇති බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.