ෂාරුක්ගේ තැන අමිර් ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-20-ent-60

ඉන්දියාවේ බිහිවූ නාවිකා හමුදා විරුවෙකු වන රාකේෂ් ෂර්මාගේ ජීවිත කතාව අලලා නිර්මාණය කරන බොලිවුඩ් චිත්‍රපටයට මේ වනවිට අමිර් ඛාන් තෝරා ගෙන තිබෙන පුවතක් වාර්තා වේ. මීට පෙර ‘රාකේෂ් ෂර්මා’ චරිතය සඳහා බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ගේ නම යෝජනා වී තිබුණි. කෙසේ වෙතත්, ෂාරුක් ඔහුගේ අලුත්ම චිත්‍රපටය වූ ‘සීරෝ’ නිසා කාර්යබහුල වී ඇති හෙයින් මේ වනවිට එම චරිතයට අමිර් ඛාන් යොදා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. අමිර් ඛාන් මේ දිනවල ‘තග් ඔෆ් හින්දුස්තානි’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව සිටියි. ඉන්දීය රුපියල් කෝටි 210ක මුදලින් තැනුණ මෙම චිත්‍රපටය මේ වසරේ නොවැම්බර් මාසයේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.