ෂාරුක්ගේ චිත්‍රපටය පාඩු ලබන ලකුණු
අගෝස්තු 04 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ෂාරුක් ඛාන්ගේ ‘ජබ් හැරී මෙටි සේජල්‘ චිත්‍රපටය මේ වනවිට ආදායම් උපයා ගැනීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වෙනවා. එයට හේතුව නම් මේ දිනවල ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා‘ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමයි.
ෂාරුක්ගේ චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 59ක මුදලක් උපයාගෙන තිබෙන අතර, ආක්ෂේ කුමාර්ගේ චිත්‍රපටය කෝටි 31ක් දැනට උපයාගෙන ඇත. මෙහි විශේෂත්වය නම් ආක්ෂේ ඉතා අඩු දින ප්‍රමාණයකින් මෙම මුදල උපයා ගැනීමට සමත්ව තිබීමයි. කෙසේ වෙතත්, ෂාරුක් ඛාන්ගේ චිත්‍රපටය ඉන්දියාවේ හා විදෙස් රටවලදී ඉන්දීය රුපියල් කෝටි 100කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. ආක්ෂේගේ චිත්‍රපටය දැනට ඉන්දියාවේ හා විදෙස් රටවලදී උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 48කි.