ෂාරුක්ගේ අලුත් චිත්රපටයත් සාර්ථක වන ලකුණු
පසුගිය අගෝස්තු 04 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්රදර්ශනය ආරම්භ කළ බොලිවුඩයේ 'කිං ඛාන්' හෙවත් ෂාරුක් ඛාන්ගේ 'ජබ් හැරී මෙට් සේජල්' චිත්රපටය මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ප්රදර්ශනය වෙමින් පවතිනවා. මංගල දිනයේදීම ඉන්දියාවේ පමණක් මෙම චිත්රපටය ප්රදර්ශනය කර ඉන්දීය රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, එය ෂාරුක් මේ වසරේ මුලින්ම සිය රසික පිරිස් හමුවූ 'රේයිස්' චිත්රපටයට වඩා අඩු ආදායම් උපයා ගැනීමක් බව සඳහන්. එය ප්රදර්ශනය වූ මංගල දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා වැඩි ප්රමාණයක් උපයා ගන්නට සමත්වුණා. ෂාරුක් මෙන්ම 'ජබ් හැරී මෙට් සේජල්' චිත්රපටයේ ප්රධාන නිළි චරිතයට පණ පොවන අනුෂ්කා ෂර්මාද මේ වසරේ රංගනයෙන් දායකවූ චිත්රපට ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක ඒවා බවට පත්ව තිබෙනවා.