ෂාරුක්, සල්මාන්, බන්සාලිත් සමග
සංජය ලීලා බන්සාලි නිර්මාණය කරන ඔහුගේ අලුත්ම චිත්රපටය සඳහා සල්මාන් ඛාන් පමණක් නොව සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන්ද එක් කර ගැනීමට බලාපොරොත්තුවන බව වාර්තා වේ. මේ වනවිට මෙම චිත්රපටයේ ප්රධාන චරිත සඳහා සල්මාන් සමගින් ප්රියංකා චොප්රා තෝරා ගෙන ඇති අතර, ෂාරුක් ඛාන් මෙහි උප චරිතයක් සඳහා තෝරා ගෙන ඇතැයි වාර්තා වේ.
නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අයිශ්වර්යා රායිද මෙම චිත්රපටයේ කොටසකට පෙනී සිටිමට කැමැත්ත පළ කොට ඇති බවය. 1999 වසරේ තිරගත වූ ‘හම් දිල් දේ චුකේ සනම්’ චිත්රපටයේ දෙවැනි නිර්මාණය ලෙස සැළකෙන මෙම චිත්රපටය ලබන වසරේ අගදී ප්රදර්ශනය කිරීමට සූදානම් කර ඇත.