ෂාරුක් ‘රායිස්’ කෝටි 250ක් උපයයි
පසුගිය වසරේ තරමක් අසාර්ථක නළුවෙකු වූ ෂාරුක් මේ වසරේදී තිරගත වු සිය පළමු චිත්රපටයෙන්ම නැවතත් සුපිරි තරුවක් බවට පත්ව තිබේ. ඔහුගේ නවතම චිත්රපටය වු ‘රායිස්’ මේ වනවිට ලොවපුරා ප්රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 250ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.
මෙය ‘දිල්වාලේ’ චිත්රපටයෙන් පසුව ෂාරුක් වඩාත්ම සාර්ථක වූ චිත්රපටය බව බොලිවුඩ් විචාරකයෝ සඳහන් කරති. පසුගිය වසරේ තිරගතවූ ‘ෆෑන්’ හා ‘ඩියර් සින්දගී’ චිත්රපටවලට ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායමක් ඉන්දියාවේදී උපයා ගැනීමට නොහැකි වුවද ‘රායිස්’ චිත්රපටයට දින 5ක් ගෙවෙද්දි එම සීමාව පසු කරයන්නට හැකියාව ලැබුණ බව සඳහන් වේ.
ෂාරුක් මේ වසරේදී ‘ද රින්ග්’ චිත්රපටය තුළින්ද සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටියි.