ෂාරුක් රඟපෑම අත්හැර නිෂ්පාදකයෙකු වෙයිද?
බොලිවුඩයේ ‘කිං ඛාන්’ ලෙස අදටද හඳුන්වන සුපිරි නළු ෂාරුක් ඛාන් මේ වනවිට චිත්රපට නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කර තිබෙයි. 2018 වසරේ තිරගත වූ ‘සීරෝ’ චිත්රපටයෙන් පසුව තවමත් බොලිවුඩ් චිත්රපටයක දකින්නට නොලැබුණ ෂාරුක් මේ වනවිට චිත්රපට රැසක්ම සිය නිෂ්පාදන ආයතනය වූ ‘රෙඩ්චිලි’ ආයතනය හරහා නිෂ්පාදනය කරමින් සිටින බව සඳහන් වෙයි.
මේ දිනවල ඔහු ‘ලව් හොස්ටල්’ නමින් තවත් බොලිවුඩ් චිත්රපටයක් නිෂ්පාදනය කරමින් සිටින අතර, එහි බොබි ඩියොල්, සාන්යා මල්හෝත්රා හා වික්රාන්ත් මෙසී නම් නවක නළුවා රංගනයෙන් දායක වෙයි. ෂාරුක්ද මෙහි ආරධිත රංගනයක නිරත වෙන බවට නිල නොළත් වාර්තා සඳහන් කර සිටියි.