ෂාරුක් - බන්සාලි තාම යාළුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-28-ent-27

ෂාරුක් ඛාන් සහ අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි එක් වූයේ 2000 වසරේදී දේව්දාස් චිත‍්‍රපටිය ස`දහාය. ආදායම් වාර්තා පිහිටවූ මෙම චිත‍්‍රපටියේ චරිතය වෙනුවෙන් ෂාරුක් ඛාන් සම්මාන ද දිනා ගත්තේය. එහෙත් ඉන් පසුව ඔවුන් දෙදෙනා එකට වැඩ කළ චිත‍්‍රපටියක් නිර්මාණය වූයේම නැත. එහෙත් ක්ෂේත‍්‍රයේ ආරංචි මාර්ගවලින් කියැවෙන පරිදි සංජේ ගේ චිත‍්‍රපටි දෙකක්ම ෂාරුක් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ආන්දෝලනයට තුඩු දුන් පද්මාවත් ඉන් එක් චිත‍්‍රපටියකි.

‘‘පද්මාවත් චිත‍්‍රපටියේ ෂාරුක් ර`ග පාන්නට නියමිතව හිටිය චරිතය තමයි රන්වීර් සිංට ලැබුණේ.. කාර්යබහුලකම හින්දා ෂාරුක්ට ඒ චිත‍්‍රපටිය විතරක් නෙමෙයි බන්සාලි ගේ තවත් චිත‍්‍රපටියක් බාර ගන්න බැරි වුණා.. ඒත් ඔවුන් දෙදෙනා අතරේ කිසිම අමනාපකමක් හෝ වැරදි වැටහීමක් නෑ.. දෙන්නා අදටත් හො`ද යාළුවෝ..’’

එසේ පැවසුවේ ෂාරුක් ගැන හො`දින් දන්නා අයෙකි.

 

2018-02-28-ent-28