ෂාරුක්, දිලිප් කුමාර් බලන්න යයි
94 වියෙහි පසුවන හින්දි සිනමාවේ රජුන් ලෙස සැලකෙන දිලිප් කුමාර් පසුගියදා යළිත් රෝගාතුර වු පුවතක් බොලිවුඩයෙන් අසන්නට ලැබේ. ඔහුගේ සුවදුක් විමසීම සඳහා බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන් අන්ද්‍රරා ප්‍රදේශයෙහි දිලිප් කුමාර්ගේ නිවසට ගොස් තිබෙන බව සඳහන් වේ. බොලිවුඩ් සිනමා තරුවක් දිලිප් කුමාර්ගේ සුවදුක් බැලීමට පැමිණි පළමු අවස්ථාව මෙය වු අතර, එය මාධ්‍යයේද වැඩි අවධානයක් යොමුවූ පුවතක්වී තිබේ. ෂාරුක්, දිලිප්ගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේදී දිලිප්ගේ වර්තමාන බිරිඳ සාරා බානුද සිටි බව සඳහන් වේ.