ෂාරුක් චිත්‍රපටයට දින නියම වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-19-ent-60

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ දිනවල රූපගත කිරිම් සඳහා එක්ව සිටින සිය අලුත්ම චිත්‍රපටය එලැඹෙන වසරේ දෙසැම්බර් 18 වැනිදා ප්‍රදර්ශනය කිරීමට දින නියම වී ඇත. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය තිරගත වන දිනයේදීම සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා අලී ඛාන් පෙනී සිටින සිය මුල්ම චිත්‍රපටය වූ ‘කේන්දර්නාත්’ චිත්‍රපටයද එදිනට ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

ෂාරුක් ඛාන් සමගින් අනුෂ්කා හා කත්‍රිනා කයිෆ්ද රංගනයෙන් දායක වන අතර, ‘කේන්දර්නාත්’ හි සාරාට අමතරව සුශාන්ත් රාජ්පූත් රංගනයෙන් දායක වෙයි. කෙසේ වෙතත්, ෂාරුක් පවසා ඇත්තේ තමා නිෂ්පාදක කණ්ඩායම සමගින් මෙහි දින වෙනස් කිරීමට සාකච්ඡා කරමින් සිටින බවය.