ෂාරුක් චිත්‍රපටයේ නම වෙනස් කරලා
ෂාරුක් ඛාන් හා අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටයේ නම මේ වනවිට වෙනස් කර ඇති බවට තොරතුරු ලැබෙනවා. චිත්‍රපටය රූපගත කිරීම් කටයුතු සිදුකරන මුල් කාලයේදී මෙම චිත්‍රපටය ‘ද රින්ග්‘ ලෙස නම් කර තිබුණු අතර, චිත්‍රපටය මේ වනවිට ජබ් හැරී මිට් සේජල්‘ ලෙස නම් කර තිබෙනවා.
මෙම චිත්‍රපටය එළැඹෙන ආගෝස්තු 04 වැනිදා ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇති අතර, එදිනම අමිර් ඛාන්ගේ ‘ස්ක්‍රිට් සුපර් ස්ටාර්‘ චිත්‍රපටයද තිරගත වීමට නියමිතයි. පසුගිය වසරේදීද ෂාරුක් රඟපෑ ‘ඩියර් සින්දගී‘ චිත්‍රපටය හා අමීර්ගේ ‘දංගල්‘ චිත්‍රපටය එකම දිනයකදී තිරගත වීමට නියමිතව තිබුණද පසුව ඔවුන් සාකච්ඡා කර දින වෙනස් කරගනු ලැබුවා.