ෂාරුක් ගේ විවාහයේ හා සිනමා දිවියේ රිදී ජුබිලිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-25-ent-48

ෂාරුක් ඛාන් සිනමාවට පා තබා විසිපස් වසරකි. ඔහු ගේ විවාහ දිවියට ද විසිපස් වසරකි. මාධ්‍යයට ඒ පිළීබ`දව ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවුසවේ සිනමා දිවිය ගැන මෙන්ම බිරි`ද ගෞරි හා දරු තිදෙනා සම`ග ගෙවන ජීවිතය ගැන ද කියන්නට බොහෝ දේවල් ඇති බවය.

2017-07-25-ent-49‘‘මම සිනමාවට ආවේ දීවානා චිත‍්‍රපටියෙන්.. මම තවමත් ඒක බලලා නෑ කිව්වොත් කවුරුවත් වි්ශ්වාස කරන එකකුත් නෑ.. කොහොම වුණත් මේ අවුරුදු විසි පහේදී නැ`ගීම් බැසීම් අනන්තවත් තිබ්බා.. හැම තැනකදීම ශක්තියක් වෙලා ළ`ග හිටියේ ගෞරි තමයි..’’

ඔහු කියන්නේ කෘතඥතාපූර්වක හ`ඩිනි.

විවාහයෙන් අනතුරුව මුම්බායිහි පදිංචියට එන්නට ඔවුන්ට සිදු වුයේය. හැදුණු වැඩුණ පෙදෙසින් මුළුමනින්ම ඉවත් වී අලූත්ම තැනක පදිංචියට ඒම ඕනෑම කෙනෙකුට ලොකු අභියෝගයකි.

‘‘ගෞරියි මායි කොහොම හරි හැම දේකටම මූණ දුන්නා.. ඇත්තටම විවාහ වෙලා මුම්බායිවලට ආව දවසෙ අපි දෙන්න ? ගත කළේ චිත‍්‍රපටි දර්ශන තලයක.. ඒත් ගෞරි කවදාවත් මැසිවිලි කිව්වෙ නෑ.. මම සුපිරි නළුවෙක් වෙයි කියලා අපි දෙන්නම ඒ කාලේ හිතුවේ නෑ.. ඒ කාලෙ ඇය කිව්වෙ ලැබෙන දේ හො`දම දේ කියලා හිතමු කියලා.. අදටත් මම හිතන්නෙ එහෙමම තමයි..’’ ඔහු කියන්නේය.

ෂාරුක් කියන ආකාරයට ඔහුගේ ජීවිතයේ සුන්දරම දවස් දරුවන් තිදෙනා ඉපදුණ දවස්ය. ඔවුන් තිදෙනාම ෂාරුක් ගේ පෙනුම හා ගතිගුණ ලබනවා දකින්නට ගෞරි ඉතා කැමතිය. දියණිය සුහානාගේ කම්මුල් ද ෂාරුක්ගේ මෙන්ම වළ ගැසෙන්නේය. ඒ ගැන ඇය කතා කරන්නේ බලවත් සතුටිනි