ෂාරුක් ගේ බාල පුතා
කුලියට ගන්නා ලද ගර්භාෂයකින් ලබා ගන්නා ලද සිය බාල පුතු අබ්රාම් ඛාන් දැන් බොහෝ සුරතල් දරුවෙකු බැව් කියන්නේ ඔහුගේ සුපිරි තාත්තා ෂාරුක් ඛාන්ය. දැන් අබ්රාම් ගේ වයස අවුරුදු හතරකි. තාත්තා සම`ග කාලය ගෙවන්නට ඔහු දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි. මේ මෑතකදී ෂාරුක් රූගත කිරීමක් ස`දහා බුඩාපේස්ට් නගරයට යද්දී අබ්රාම් ද ඒ සමඟ ගියේය. එහිදී එක් රාති‍්‍රයක ඔහුට ෂාරුක් ගේ දෑතේම නින්ද ගොස් තිබිණි. එම සේයාරුව ෂාරුක් විසින් අන්තර්ජාලයට මුදා හරින ලදුව එය නැරඹූ සියලූ දෙනාගේම සිත් තුළ පියපුතු සෙනෙහස පිළිබද අපූරු හැගීම් පහළ වෙන්නට ඇතුවා නිසැකය.
ඔහු සිය මව ගෞරි ඛාන් මමියක් ලෙස දිස් වෙන ආකාරයට ටොයිලට් පේපර් රෝලකින් ඔතා ඇය සිප ගන්නා දර්ශනයක් සහිත සේයාරුව ද අන්තර් ජාලයේ බොහෝ ජනපි‍්‍රය වූයේය. සත්තකින්ම ඔහුගේ තාත්තා ලෙසින්ම ඔහුත් වැඩිපුර ජනපි‍්‍රය වී සිටින්නේ කාන්තාවන් අතර සහ මාධ්‍යවේදීන් අතරය. ඔහු මාධ්‍යවේදීන් සම`ග හැසිරෙන්නේ ඉතා මිත‍්‍රශීලී අයුරිනි.
‘‘ඔයා කොහොමද ඔච්චර හුරතල් වුණේ..?’’
වරක් මාධ්‍යවේදියෙකු ඔහුගෙන් ප‍්‍රශ්න කළේය.
‘‘මම ඉපදිලා ඉන්නෙ ඒකට තමයි..’’
මේ පොඩි එකාගේ පැහිච්ච කතාව සියලූ දෙනාම සිනා ගන්වන්නට සමත් වූයේය.
තාත්තා දකින්නට සිය නිවස පිටත රැස් වෙන ජනයාට ඔහු අමතන්නේ බච්චාස් යනුවෙනි. තාත්තා සම`ග ගොස් ඔවුන්ට අත වනන්නට පියාඹන හාදු දෙන්නට ඔහු බොහෝ කැමතිය.
‘‘නිවාඩු දවසකවත් මට ටිකක් වැඩියෙන් නිදා ගන්න අබ්රාම් ඉඩ දෙන්නෙ නෑ.. මාව හම්බ වෙන්න එන අය රස්තියාදු වෙනවට එයා කොහෙත්ම කැමති නෑ.. ඒ හින්දා ඉක්මනට මාව ඇහැරවනවා..’’
ෂාරුක් පවසන්නේ සිනාසෙමිනි.
මේ දිනවල ෂාරුක් සිය රේඊස් චිත‍්‍රපටියේ ප‍්‍රචාරණ කටයුතුවලට සහභාගි වෙමින් සිටින්නේය. ඒ ස`දහා සම්මුඛ සාකච්ඡුා පැවැත්වෙන විට අබ්රාම් ද ඒ අවට ගැවසෙයි.
‘‘ඇවිත් මෙයාලට හලෝ කියන්න..’’
පසුගියදා එවන් සාකච්ඡුාවකදි ෂාරුක් පුතුට කීවේය. එහෙත් ඔහු කැමරාවට පේන්නට ආවේ නැත. කෙසේ වුවත් සාකච්ඡුාව අවසානයේදී ෂාරුක් අබ්රාම් කැ`දවුයේය.
‘‘මගෙ මාපටැගිල්ල තුවාල වෙලා.. ඒකයි ආවේ නැත්තෙ..’’
දරුවා සුරතල් ලෙස පැවසුවේය.
‘‘මම ඇ`ගිල්ලට හාද්දක් දුන්නම ඕක හො`දටම හො`ද වෙනවා..’’
කියූ ෂාරුක් පුතුගේ අතැ`ගිල්ල සිප ගත්තේය. දරුවා එතැනින් නික්ම ගියේ කිසිදු වේදනාවක් නොතිබූ අයෙකු මෙනි. තාත්තලාගේ සෙනෙහසට මොන තරම් හාස්කම් කළ හැකිදැයි ඒ වීඩියෝ පටය නැරඹූ හැම දෙනෙක්ම පාහේ පැවසූහ. ෂාරුක් දක්ෂ නළුවෙකු මෙන්ම සිය දූ දරුවන් වෙනුවෙන් කැප වූණ තාත්තා කෙනෙකු බැව් නොදන්නා අයෙක් නැත.
පියවරුන්ගේ දිනයේදී අබ්රාම් තමා විසින්ම පාට කූරුවලින් අදින ලද සුබපැතුම්පතක් ෂාරුක්ට තිළීණ කළේය.
‘‘අයි ලව් පපා..’’ යනුවෙන් එහි ලියා තිබිණි.