ෂාරුක් ඛාන්ට තවත් ගෞරව උපාධියක්
බොලිවුඩ් රංගන ශිල්පී ෂාරුක් ඛාන් නැවත වතාවක් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලබා තිබේ. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර ට්‍රෝබ් සරසවියෙනි. මෙම ගෞරව ආචාර්ය උපාධිය ලැබී ඇත්තේ, කාන්තාව සවිබලගැන්විම සඳහා දායකත්වය ලබාදීම ඇතුළු මානුෂීය ක්‍රියාදාම සහ ඉන්දීය විනෝදාස්වාද කර්මාන්තය තුළ ඔහු අත්කර ගත් ජයග්‍රහණ වෙනුවෙන් බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. එම අවස්ථාවේදී ෂාරුක් පවසා සිටියේ අධ්‍යාපනය උදෙසා තම රටේ තරුණියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට තරම් කාරුණික වීම ගැන ඔහු ට්‍රෝබ් සරසවියට ස්තූති කරන බවයි.