ෂාරුක් ඛාන්ගේ එකම දියණියගේ 18 වැනි උපන්දිනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-30-ent-31

බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන්ගේ එකම දියණිය වූ සුහානා ඛාන් මීට දින කිහිපයකට පෙර සිය 18 වැනි උපන්දිනය සමරන්නට විය. ඒ වෙනුවෙන් ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන් සුහානාගේ 18 වැනි උපන්දිනය එංගලන්තයේ ලන්ඩන් නගරයේ සුපිරි හෝටලයක පවත්වන්නට සැලසුම් කර තිබුණි.

‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය සඳහන් කරන්නේ සුහානාගේ උපන්දිනය සමරන්නට ගොස් ඇති ෂාරුක් ඛාන්ගේ පවුලේ උදවිය මේ වනවිටත් ඉන්දියාවට නොපැමිණි බවය. කෙසේ වෙතත්, ගෞරී සිය ‘ටිවිටර්’ ගිනුඹ හරහා සටහනක් තබා තිබුණේ සුහුනාගේ 18 වැනි උපන්දිනය තමන්ට මෙන්ම තම පවුලේ අයටද සුවිශේෂි එකක් වූ නිසාවෙන් මෙය අමතක නොවන උපන්දින සාදයක් ලෙස සමරන්නට කටයුතු කළ බවය.