ෂාරුක්, කත්‍රිනා, අනුෂ්කා නැවතත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-28-ent-252

යශ් චොප්රා අවසන් වරට අධ්‍යක්ෂණය කරනු ලැබු ‘ජබ් තක් හේ ජාන්’ චිත්‍රපටයේ රඟපෑ ෂාරුක් ඛාන්, කත්‍රිනා කයිෆ් හා අනුෂ්කා ෂර්මා යොදාගෙන මේ දිනවල ආනන්ද එල්. රායි චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටින බව සඳහන් වේ.

ෂාරුක් ඛාන් මෙම චිත්‍රපටය වෙනුවෙන් සිය අනෙකුත් චිත්‍රපටහි වැඩ කටයුතුද නවතා දමා තිබෙන අතර, කත්‍රිනා සිය ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුද අතරමග නවතා දමා මෙහි රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධව සිටින බව සඳහන් වේ.

මොවුන් තිදෙනාට අමතරව මෙහි දර්ශන කිහිපයකටම සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ද එක්ව සිටින අතර, ඔහු ආරාධිත චරිතයක් සඳහා සම්බන්ධ කරගෙන ඇත්තේ ෂාරුක් ඛාන්ගේ ඉල්ලීමකට බව සඳහන් වේ.