ෂාරුක් ඉවත් නොකළ බව ෆර්හාන් කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-06-ent-342

2020 වසරේ තිරගත කිරීමට නියමිත ‘Don 3: The Final Chapter’ චිත්‍රපටයෙන් ෂාරුක් ඉවත් නොකළ බව එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ෆර්හාන් අක්තාර් පසුගියදා මාධ්‍යයට පවසා තිබේ. පසුගිය දිනවලදී අන්තර්ජාල වෙබ් අඩවි බොහෝමයක පළ වී තිබුණේ ‘ඩොන්’ තුන්වැනි චිත්‍රපටය සඳහා ෂාරුක් ඛාන් වෙනුවට ජනප්‍රිය නළු රන්වීර් සිං යොදා ගන්නා බවය.

කෙසේ වෙතත්, මේ වනවිට ෂාරුක් ඛාන් සමගින් ‘Don 3: The Final Chapter’ චිත්‍රපටයේ රූපගත කිරීම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින ෆර්හාන් මෙම චිත්‍රපටය සඳහා ෂාරුක්ට අයත් ‘රෙඩ්චිලි’ නිෂ්පාදනය ආයතනයෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නටද ආරාධනාවක් කරන්නට සූදානමින් සිටින බව සඳහන් වේ.