ෂාරුක් අන්කල්
එක්තරා වැඩ සටහනකදී සාරා අලි ඛාන් විසින් ෂාරුක් අන්කල් ලෙසින් හැ`දින්වීම ඔහුගේ රසිකයන් නොසතුටට පත් කරන්නට සමත් වී තිබේ.
‘‘එක කාලයක් මේ වැඩ සටහන ඉදිරිපතක් කළේ මගේ තාත්තායි.. ෂාරුක් අන්කලූයි.. ඒ කාලේ ඉ`දන්ම මම මේකට ආසයි..’’
එම වැඩ සටහනේදී ඇය පැවසුවාය.
‘‘එයා එහෙම කතා කරන්න වටින්නෙ නෑ.. එයාට ෂාරුක් සර් කියලයි කියන්න තිබුණේ..’’ සමහරු එසේ පැවසූහ.
‘‘සාරා ගෙ වයස අවුරුදු 23යි.. ෂාරුක්ට 53 යි.. ඉතින් එයා අන්කල් නොකියා වෙන මොනවා කියන්න ද..? ’’
තවත් සමහරු එසේ කියති.
ෂාරුක් නම් එම ඇමතුම බාර ගෙන ඇත්තේ බලවත් සතුටිනි.
‘‘සාරා එහෙම කතා කරනවට මම හරි ආසයි.. අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු 30 ක්.. ඉතින් එයා මට අයියා කියන්නයැ..’’
ඔහු ප‍්‍රකාශ කර තිබිණි.
මේ අතර පසු ගිය දිනෙක පැවති සාද අවස්ථාවකදී ජේත්තුවට අ`දින යුවළ ලෙස ජයග‍්‍රහණය කරන්නට ෂාරුක්ට සහ ගෞරිට හැකි වූයේය.
‘‘ඒක පුදුමයක් නෙමෙයි.. ෂාරුක් ඉතින් කොහොමත් ලස්සනට අ`දිනවනෙ..’ ඔහු අගය කරන අය එසේ පැවසූහ.
‘‘ඔව්.. ලස්සනට අ`දිනවා.. හැබැයි පාර්ටි එකකට යන්න අ`දින්න එයාට පැය දෙකක්වත් ඕන.. මම විනාඩි විස්සෙන් ඇ`දගෙන කරගෙන එළියට එනවා.. ඒත් ෂාරුක් ට එහෙම බෑ.. එයා ලස්සනට අ`දින එකේ රහස තමයි ඒ..’’
ගෞරි සමාජ වෙබ් අඩවියකට එසේ පවසා තිබිණි.