ශ‍්‍රී දේවි අම්මා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-10-ent-61

සිය පනස් අවුරුදු සිනමා ජීවිතයේදි ශ‍්‍රීදේවී ර`ග පෑ විශිෂ්ට චරිත සිය ගණනාවකි. තමා ඉන්දියන් සිනමාවේ හො`දම නිළියන් අතරින් කෙනෙකු බැව් ඒ හැම විටෙකම ඇය ඔප්පු කර පෙන්වූවාය. ටික කලක් සිනමාවෙන් ඈත් වී සිටියත් 2012 දී නැවත පැමිණි විට රසිකයෝ ඇය සුපුරුදු ආදරයෙන් පිළි ගත්හ. නුදුරු දිනයකදිම මාම් චිත‍්‍රපටිය තුළින් ඇය දකින්නට ඔවුහු පුලපුලා බලා සිටිති. එය ඇගේ ජීවිතයේ තවත් කඩඉමක් වෙනවා නොඅනුමානය.

හැගුම්බර චිත‍්‍රපටියක් වන මාම් චිත‍්‍රපටියේ දේවිකීගේ චරිතය නිරූපණය කරද්දී ශ‍්‍රීදේවී එයට අම්මා කෙනෙකු ලෙස තමා ලද අත්දැකීම් ද එයට එක් කර ගත්තාය. මාස දෙකක් තිස්සේ පැවති රූගත කිරීම්වලදී ඇය චරිතයට මොන තරම් ඇබ්බැහි වූයේ ද යත් සැබෑ ජීවිතයේදී ඉන් මිදෙන ලෙස ඇයට සිහිපත් කරන්නට ඇගේ දියණියන්ට සිදු වුයේය. රූගත කළ කාලය ඇතුළත ඇය කිසිදු සමාජ කටයුත්තකට සහභාගි වූයේ නැත. සැමියා බොනී කපූර් සම`ග පවා කතා කළේ සීමිතවය.

‘‘අම්මා කෙනෙක් කියන්නෙ හැමදාම අම්මා කෙනෙක්..’’

ඇගේ කැප වීම අගය කරමින් මාධ්‍යවේදීහු එසේ පවසති.

මාම් ඇගේ 300 වෙනි චිත‍්‍රපටියයි. නිළියක ලෙසින් ඇය ක්ෂේත‍්‍රයේ වසර 50 ක් ද සම්පූර්ණ කර සිටින්නීය. ඇගේ සැමියා කීර්තිමත් චිත‍්‍රපටි නිෂ්පාදකයෙකි.

‘‘කොයි දේ කොහොම වුණත් අලූතින් චිත‍්‍රපටියක් කරන හැම වෙලාවකම මට හිතෙන්නෙ මම නවක නිළියක් කියලා.. අනිත් අය මාව වර්ණනා කරනකොට සතුටට වැඩිය මට දැනෙන්නෙ බයක්.. මම හැමදාම අලූතින් මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා..’’ මේ සුපිරි නිළිය කියන්නීය.