ශ‍්‍රද්ධාට අභියෝගයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-19-ent-59

ශ‍්‍රද්ධා කපූර් කවදාටත් ර`ග පාන්නේ අනෙක් අය බොහෝ ඇලූම් කරන ආකාරයේ චරිත බැව් සියල්ලෝම දනිති. එහෙත් හසීනා පාකර්හි ඇය ර`ග පාන්නේ වෙනස්ම ආකාරයේ අභියෝගාත්මක චරිතයක් බැව් එහි අධ්‍යක්ෂ අපූර්ව ලේඛියා පවසයි.

‘‘මම මේ චරිතෙට ශ‍්‍රද්ධා තෝරා ගත්තා කිව්වම සමහරු පුදුම වුණා.. මොකද මේ වගේ චරිතයක් ලොකු අවදානමක්.. ඇය වැඩිපුර ර`ග පාලා තියෙන්නේ සින්දු කියන, නටන ආකාරයේ සැහැල්ලූ චරිත.. සැබෑ ජීවිතෙත් ඇය සැහැල්ලූවෙන් කල් ගෙවන කෙනෙක්.. ඒත් මම ඇයට චරිතය ගැන පොඩි හැ`දින්වීමක් විතරයි කළේ.. ඇය යස අපුරුවට ඒක තේරුම් ගත්තා.. තමන්ගේ හැකියාව ගැන විශ්වාසය තියෙන කිසිම කෙනෙක් මොන විදියේ චරිතයක් වුණත් බාර ගන්න පසුබට වෙන්නෙ නෑ.. ඒ අතින් ශ‍්‍රද්ධා විශිෂ්ටයි.. ‘‘මට තවම අවුරුදු තිහයි.. මම මොකටද දරුවො හතර දෙනෙක් ඉන්න අවුරුදු පනහක අම්මා කෙනෙකුගෙ චරිතයක් ර`ග පාන්නෙ..?’’ කියලා ඇය කවදාවත් මගෙන් ඇහැව්වෙ නෑ..’’

අපූර්ව කියන්නේ ශ‍්‍රද්ධා ගැන ඇති කර ගත් දැඩි ප‍්‍රසාදයකින් යුතුවය.

ෂූට් අවුට් ඉන් ලොකන්ද්වාලා, මිෂන් ඉස්තාන්බුල්, සන්ජීර් ආදි චිත‍්‍රපටිවලට පසුව මැර කල්ලි පසුබිම් කරගෙන අපූර්ව නිර්මාණය කරන චිත‍්‍රපටිය හසීනා පාර්කර්ය. මෙය ඬේවූඞ් ඉබ‍්‍රාහිම් නමැති කල්ලි නායකයාගේ කතාව පසුබිම් කරගෙන නිර්මාණය වන්නකි.

‘‘මිනිස්සු හැමෝගෙම අ`දුරු පැත්තකුත් තියෙනවා.. ඒත් සමහර මිනිස්සු ඒ අ`දුරු පැත්තම ඉස්මතු කරගෙන වෙනස්ම මිනිස්සු වෙන්න උත්සාහ කරනවා.. හු`ගක් අය නීතියට පිටු පාලා පාතාල කල්ලිවලට සම්බන්ධ වෙලා බියජනක මිනිස්සු බවට පත් වෙන්නෙ සමාජයෙන් ඒ අයට සිද්ද වුණ අසාධාරණකම් හින්දා.. මේ වගේ අය ගැන හොයන්න මම හරි ආසයි.. එහෙම හොයනකොට තමයි ඬේවුඞ් ඉබ‍්‍රහිම් ගැන විස්තර ලැබුණෙ..’’ අපූර්ව කියයි.

මේ චිත‍්‍රපටිය සැප්තැම්බර් 22 දා සිට තිරගත වෙන්නට නියමිතය.

 

2017-09-19-ent-60