ශිල්පාගේ සිහින
ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා මේ දිනවල සිටින්නේ ඇගේ නැටුම් රියැලිටි සංදර්ශනය ස`දහා සූදානම් වෙමිනි. ඇය නිළියක් වුවත්, සැමියා චිත‍්‍රපටි නිෂ්පාදකයෙකු වුවත් ඔවුන්ගේ සත් හැවිරිදි පුතු කුමන ක්ෂේත‍්‍රයක් තෝරා ගනු ඇද්දැයි තමාට තවමත් අනාවැකි පළ කළ නොහැකි බැව් ඇය පවසයි.
‘‘හු`ගක් අම්මලා තාත්තලා උත්සාහ කරන්නෙ තමන්ට යන්න බැරි වුණ තැනට දරුවන් ඇදගෙන යන්න.. ඒත් මම ඒකට කොහෙත්ම එකග වෙන්නෙ නෑ.. දරුවන්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න ඉඩ දෙන්න ඕන.. මොකද හැම දරුවෙක්ම විශේෂ අය... ඒ අයටම ආවේණික දක්ෂතා තියෙනවා.. ඒවා යටපත් කරලා දෙමව්පියන්ගෙ හීන හැබෑ කර ගන්න අතකොලූ විදියට දරුවෝ යොදා ගන්නවට මම හු`ගාක් විරුද්ධයි.. මගෙ පුතා වියාන්ට ජිම්නාස්ටික් ගැන ලොකු උනන්දුවක් තියෙනවා.. එයා නළුවෙක් හරි, නර්තන ශිල්පියෙක් හරි කරන්න උත්සාහ කරනවට වැඩිය ඒ පැත්තෙන් යන්න දිරිමත් කරන එක ොහ`දයි කියලයි මම හිතන්නෙ..’’
ශිල්පා කියයි.