ශ්‍රීදේවි ගැන චිත්‍රපටයක්?
ඉන්දියානු සිනමාවේ සුපිරි තාරකාවක් ලෙස නම් වූ ශ්‍රී දේවිගේ අභාවය පිළිබඳව බොහෝ දෙනාට අමතක වුවද ඇයගේ සැමියා වන බොනී කපූර්ගේ මතකයෙන් එය ඉවත් වන්නේ නැති බව බොහෝ දෙනා දන්නා කාරණාවකි. ඇයගේ රසිකයන්ට ඇය පිළිබඳව ඇති මතකය අහිමි වීමට පෙර යමක් සිදුකළ යුතු බව පවසන බොනී කපූර් ශ්‍රී දේවිගේ ජීවිත කතාව චිත්‍රපටයක් ඔස්සේ ගෙන ඒමට සූදානම් බවට සඳහන් වේ. එම චිත්‍රපටය ‘ශ්‍රී’ ලෙසින් නම් කරන බවට ඔහු පවසා ඇත. පසුගියදා පැවැති පුවත් සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.