ශ්‍රී දේවීගේ අවසන් කටයුතු අද ඉන්දියාවේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් නිළි ශ්‍රීදේවි පසුගියදා (24දා) අවසන් ගමන් ගියේ බොලිවුඩයමෙන්ම ලෝකයේ ඇයට ආදරය කරන රසිකයන්ගේ හදවත් කම්පා කරමිනි. ඇයගේ මරණය පිළිබඳ ඇතිවූ සැකසහිත සිදුවීම් නිසා ඇයගේ මළසිරුර නිදහස් කිරීමට ඩුබායි පොලීසිය ප්‍රතික්‍ෂේප කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් ඊයේ (27දා) සවස 2.00ට පමණ අදාළ වාර්තා සම්පූර්ණ කර මළසිරුර ඥාතීන්ටබාරදීමට ඩුබායි රජය කටයුතු කර තිබූ අතර, විශේෂිත ගුවන්යානයකින් ඇයගේ දේහය ඉන්දියාවට රැගෙනවිත් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (27දා) සවස 7.30ට පමණ ඇයගේ දේහය රැගත් ගුවන්යානය මුම්බායි වෙත ළඟා වූ බවත්, පවුලේ ඥාතීන් විසින්දේහයබාරගෙන ඇයගේ නිවසට රැගෙන ගිය බවත්ය.

ශ්‍රී දේවිට අවසන් ගෞරව දැක්වීමට බොලිවුඩයේ සුපිරි තරු, පවුලේ ඥාතීන්, හිතවතුන් මෙන්ම ඇයගේ රසිකයෝ විශාල පිරිසක්ද එම ස්ථානයේ රැස්ව සිටියහ.

ඉන්දීය සිනමාවේ දැවැන්ත තරු රැසක් ඔවුන්ගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඇයගේ දියණියන් දෙදෙනා රැඳී සිටින නිවසට පැමිණි බව වාර්තා වේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රීදේවිගේ පවුලේ ඥාතීන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, ඊයේ (28දා) උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා මුම්බායි ලඛාන්ඩ්වාලා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා සමාජයේ සිට ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රසික රසිකාවියන් ඇතුළු සියලු දෙනාට අවස්ථාව ලබාදෙන බවයි.

ඒ අනුව, අච (28දා) සවස 2.00 පමණ වනවිට ඇයගේ දේහය මුම්බායි ලඛාන්ඩ්වාලා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා සමාජයේ සිට හින්දු ආදාහනාගාරය වන පවන් හාන්ස් ආදාහනාගාරය වෙත රැගෙන ගෙන ගොස් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සවස 4.00ට ආදාහනය කිරීමට නියමිතව තිබේ.

20180228Sridewi-(1) 20180228Sridewi-(2) 20180228Sridewi-(3) 20180228Sridewi-(4) 20180228Sridewi-(5) 20180228Sridewi-(6) 20180228Sridewi-(7) 20180228Sridewi-(8) 20180228Sridewi-(9) 20180228Sridewi-(10) 20180228Sridewi-(11) 20180228Sridewi-(12) 20180228Sridewi-(13) 20180228Sridewi-(14) 20180228Sridewi-(15) 20180228Sridewi-(16) 20180228Sridewi-(17) 20180228Sridewi-(18) 20180228Sridewi-(19) 20180228Sridewi-(20) 20180228Sridewi-(21) 20180228Sridewi-(22) 20180228Sridewi-(23)