ශ්රී දේවිගේ ‘මාම්’ චීනයේ
ජනප්රිය ඉන්දිය සිනමා නිළි ශ්රී දේවි මිය ගොස් පසුගිය පෙබරවාරි 24 වැනිදාට වසරක කාලයක් ගත වී ඇත. ඇය අප අතර නොවුවද නිරන්තරයෙන්ම ඇය ගැන කතා කරන්නට මාතෘකා ඇත. ඇය අවසන් වරට රංගනයෙන් දායක වූ ‘මාම්’ චිත්රපටය ඇයගේ වාර්ෂික ගුණ අනුස්මරණය කළ දිනයේදී චීනයේ ප්රදර්ශනය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත්, නිල වශයෙන් ඇය රංගනයෙන් දායක වූ ‘මාම්’ චිත්රපටය චීනයේ තිරගත කරන්නට අවසර ලබාදී ඇත්තේ මාර්තු 22 වැනිදා බව සඳහන් වේ. මෙම චිත්රපටයේ කළ රංගනය උදේසා ශ්රී දේවීට ඉන්දීය ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබීමට අවස්ථාව උදා විය.