ශ්‍රී දේවිගේ ‘මාම්’ විදෙස් රටවල
ඉන්දීය රුපියල් කෝටි 36ක මුදලක් ඉන්දියාවේදී පමණක් උපයා ගත් ශ්‍රී දේවිගේ ‘මාම්’ චිත්‍රපටය ඉදිරි සතියේදී චෙක් ජනරජය, පෝලන්තය හා රුසියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. බොලිවුඩ් චිත්‍රපටයක් මෙම රටවලදී ප්‍රදර්ශනය වන පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. ඉන්දීයාවට අමතරව ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව හා කැනඩාව යන රටවලදී ප්‍රදර්ශනය කරන්නට කටයුතු යොදා තිබුණ අතර, මේ වනවිට එම රටවල්වලදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අවසන් කර ඇත. ‘මාම්’ චිත්‍රපටය ශ්‍රී දේවිගේ 300 වැනි චිත්‍රපටයද වේ.