‘ශ්රී දේවි බංගලෝ’ හරහා බොලිවුඩ් සිනමාවට එන ප්රියා ප්රකාශ්
‘ඔර් ආදර ලව්’ චිත්රපටය හරහා ලොවක් වසඟයට ගත් ජනප්රිය ඉන්දීය සිනමා නිළි ප්රිකා ප්රකාශ් ‘ශ්රී දේවී බංග්ලෝ’ චිත්රපටය තුළින් බොලිවුඩ් සිනමාවට මේ වසරේදී පැමිණිමට නියමිතව ඇත. ජනප්රිය සිනමා නිළි ශ්රී දේවිගේ ජීවිත කතාව අලලා සැකසුණ මෙම චිත්රපටය මේ වසරේ මැයි මාසයේදී ප්රදර්ශනය වීමට නියමිතව ඇත.
කෙසේ වෙතත්, මෙම චිත්රපටයේද ශ්රි දේවිගේ ජීවිත කතාවට හානියක් සිදුව ඇතැයි මිය ගිය ශ්රි දේවිගේ පවුලේ ඥාතින් පවසා තිබුණ නිසාවෙන් මෙම චිත්රපටය ප්රදර්ශනය කිරීමට තාවකාලි තහනමක්ද පනවා තිබුණි. කෙසේ වෙතත් ශ්රි දේවිගේ සැමියා වු බොනි කපුර් මේ වනවිට මෙම චිත්රපටය ප්රදර්ශනය කිරීමට අනුමැතිය ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වන්නේය. මෙම චිත්රපටයේ ප්රියා ප්රකාශ් බොහෝ දර්ශනවල අඩ නිරුවතින් පෙනී සිටිම විශේෂත්වයකි.