ශ්රෑති හසන් නැවතත් ඉන්දීය සිනමාවට
සිවුවසරක කාලයක් ඉන්දීය සිනමාව තුළ දකින්නට නොලැබුණ සුපිරි ඉන්දීය සිනමා නිළි ශ්රෑති හසන් පෙනී සිටින චිත්රපට තුනක් එළැඹෙන 2021 වසරේ ප්රදර්ශනය කිරිමට නියමිතව ඇත. ඇය අවසන් වරට 2017 වසරේ ප්රදර්ශනය වූ ‘බැහැන් හෝගී තෙරි’ නම් බොලිවුඩ් චිත්රපටය තුළ දකින්නට ලැබුණි.
ශ්රෑති ලබන වසරේ සිය සිනමා ප්රේක්ෂකයන් මුලින්ම මුණ ගැසීමට සූදානම් වන්නේ විජේ සේතුපති සමග රඟපෑ ‘ලාභම්’ නම් දමිල චිත්රපටය හරහාය. එමෙන්ම ඇය රවී තේජා සමගින් රංගනයෙන් එක් වූ ‘ක්රැක්’ හා පවන් කල්යාන් සමගින් රංගනයෙන් දායක වූ ‘වකිල් සහාබ්’ නම් තෙළෙඟු චිත්රපටවලින්ද ලබන වසරේ සිනමා ප්රේක්ෂක ඔබ හමුවට එයි.