ශ්‍රද්ධාට මිලියන 15ක රසික පිරිසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-02-ent-170

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රද්ධා කපූර්ට සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට මිලියන 15කට අධික රසික පිරිසක් එක්ව සිටින බව සඳහන් වේ. ඇයගේ සිය ‘ට්විටර්’ හා ‘ෆේස්බුක්’ ගිණුම් සඳහා මෙවැනි විශාල රසික පිරිසක් එක්ව නොසිටින අතර, සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට මෙවැනි රසික පිරිසක් එක්ව සිටීමට අදහාගත නොහැකි සිදුවීමක් බව ඇය පවසා සිටියි. කෙසේ වෙතත්, ‘ඕකේ ජානු’ චිත්‍රපටය තිරගත වීමත් සමග ඇයට මෙවැනි විශාල රසික පිරිසක් සිය ගිණුමට එක්ව තිබෙන බව ඇය පවසා සිටියි. ‘ඕකේ ජානු’ චිත්‍රපටයෙන් පසුව ඇය මැයි 19 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ‘හාෆ් ගර්ල් ෆ්‍රේන්ඩ්’ චිත්‍රපටය තුළින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටියි.