ශ්‍රද්ධාගේ චරිතය පරිනීතිට දීලා
පසුගිය දිනවල රූපගත කරන්නට නියමිතව තිබු චිත්‍රපටය රූපගත කිරිම් කටයුතු මේ වනවිට අතරමග නතර වී ඇතැයි වාර්තා වේ. ඒ ඉන්දීය බැඩ්මින්ටන් ශූරියක වන සානියා නවාල්ගේ ජීවත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයේය. සානියාගේ චරිතයට මුලින් ශ්‍රද්ධා කපූර් තෝරාගෙන තිබුණ අතර, දැනට වාර්තා වන්නේ ඇය ඉන් ඉවත් කර ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි පරිනිති චොප්රාට ඒ අවස්ථාව ලබාදී ඇති බවය.
2020 වසරේදී තිරගත කරන්නට ඉලක්ක කරගෙන නිර්මාණය වන මෙම චිත්‍රපටයෙන් මෙසේ ශ්‍රද්ධා ඉවත් කොට ඇත්තේ ඇය ඉදිරියේදී චිත්‍රපට කිහිපයක් වෙනුවෙන් කාර්යබහුල වී තිබීම හේතුවෙනි. මේ දිනවල ඇය ප්‍රභාහස් සමගින් රංගනයෙන් දායක වෙන ‘සහෝ’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායකව සිටින බව සඳහන් වේ.