ශවේතා තිවාරිගේ දියණියත් බොලිවුඩ් සිනමාවට
ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වූ ‘ප්‍රවිනා’ ටෙලි නාට්‍යයේ ‘ප්‍රවිනා’ ලෙස රංගනයෙන් දායක වූ ඉන්දීය ටෙලි නාට්‍යය නිළි ශවේතා තිවරිගේ වැඩිමහල් දියණිය පලක් තිවරි බොලිවුඩ් සිනමා නිළියක් ලෙස කටයුතු කිරීමට ඉදිරියේදී කටයුතු කරමින් සිටියි.
වාර්තා වන අන්දමට ඇයගේ පළමු චිත්‍රපටය වන්නේ සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මානය වන අත්බූත චිත්‍රපටයක් බව සඳහන් වේ. පලක් වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වන අතර, මෙය ඇයගේ පළමු රංගනය වීම විශේෂත්වයකි. ඇය මේ වනවිට 21 වැනි වියෙහි පසුවන්නීය.