ශරිනි ඛාන්ගේ ‘යූ ටියුබ්’ චැනල් එක
ජනප්රිය බොලිවුඩ් චිත්රපට රැසක රංගනයෙන් දායක වූ ශරිනි ඛාන් පසුගිය දිනවල තමාගේම ‘යූ ටියුබ්’ නාළිකාවක් ආරම්භ කළ බව වාර්තා වේ. මේ වනවිට ඇය දිනපතා ඇයගේ ජීවිතයට සම්බන්ධ යම් යම් විඩියේ සිය රසික, රසිකාවියන් සමග ‘යූ ටියුබ්’ චැනලය හරහා බෙදාහදා ගන්නා බව දැන ගැනීමට ලැබේ.
ශරිනිට අමතරව, ආලියා භාට්, වරූන් ධාවන්, ඩීෂා පටානි, කාර්තික් ආර්යයන් වැනි ජනප්රිය නළුනිළියෝද මේ වන විට ‘යූ ටියුබ්’ චැනල් පවත්වාගෙන යමින් සිටින බව සඳහන් වේ. බොහෝ දෙනෙකු පවසන්නේ මේ වනවිට මෙම නළුනිළියන්ට ඉහළ අදායම් මෙම චැනල් හරහා ලැබෙමින් පවතින බවය.