ශරිනි ඛාන්, සල්මාන් එක්ක ආයෙත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-06-ent-39

2010 වසරේ සල්මාන් ඛාන් නිෂ්පාදනය කළ ‘වීර්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ශරිනි ඛාන් නැවතත් සල්මාන් ඛාන් සමගින් මේ වසරේ චිත්‍රපටයක රඟපෑමට නියමිත බව සඳහන්. පසුගිය දෙවසර තුළ බොලිවුඩ් චිත්‍රපට 10කට ආසන්න ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබාදුන් ශරිනි ඉන් බොහෝමයක් ආධුනික නළුවන් සමග ප්‍රධාන චරිත නිරූපණය කළ ඒවා වෙයි.

මෙම චිත්‍රපට අතරින් බොහොමයක් සරාගි දර්ශන ඇතුළත් චිත්‍රපට වූ අතර, ‘හේට් ස්ටෝරි’ තුන්වැනි චිත්‍රපටය ආදායම් අතින් ඉහළ ලාභයක්ද ලබන්නට ද සමත්විය. උදා වූ නව වසරේ තිරගත වන පළමු චිත්‍රපටය ද ශරිනිගේ එකක් වන අතර, ඒ වික්‍රම් භාට් අධ්‍යක්ෂණය කළ ‘1921’ චිත්‍රපටය වේ. සල්මාන් ඛාන් සමග ඇය පෙනී සිටින චිත්‍රපටයේ තොරතුරු නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර, එහි රූපගත කිරිම් කටයුතු ඔක්තෝබර් මාසයේදී ඇරඹීමට නියමිතව ඇත.