ශරිනි ඛාන් නැවතත් කුමරියකට පණ පොවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-764

සල්මාන් ඛාන් විසින් තිර රචනා කළ ‘වීර්’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පිවිසි ශරිනි ඛාන් නැවතත් රාජ කුමාරියකට පණ පොවන දමිල චිත්‍රපටයක් තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ඒ වික්‍රම් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘කරිකාලන්’ චිත්‍රපටයයි.

ලබන වසරේ මුල් භාගයේදී ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන ලද චිත්‍රපටයක් බව සඳහන් වේ. වික්‍රම් හා ශරිනිට අමතරව මෙම චිත්‍රපටයේ තවත් ජනප්‍රිය දමිල සිනමා නළුනිළියන් රැසක් රංගනයෙන් දායක වේ.