ක්‍රීඩ් දෙවැන්නේ අධ්‍යක්ෂක ස්ටැලෝන් වන ලකුණු
බොක්සින් ක්‍රීඩාව පිළිබඳව ගෙන හැර දැක්වූ චිත්‍රපටයක් වන ‘ක්‍රීඩ්’ චිත්‍රපටයේ දෙවැන්නක් නිෂ්පාදනය කිරීමට සූදානම් බව සඳහන් වෙයි. 2015 තිරගත වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබුවේ සිල්වෙස්ටර් ස්ටෙලෝන් විසිනි. ඔහුත් සමග දෙවැනි චරිතයට පණ පොවනු ලැබුවේ මයිකල් බී ජොර්දන් විසිනි. මෙම චිත්‍රපටයේ දෙවැන්නේ ස්ටැලෝන් රංගනයෙන් දායක නොවන බවයි සඳහන් වන්නේ. එයට හේතුව ඔහු එම චිත්‍රපටය අධ්‍යක්ෂණය සිදුකරන බැවිනි. 2006 වර්ෂයේදී තිරගත වූ ‘රොකී බැල්බෝ’ චිත්‍රපටයේ එම චරිතය මෙම චිත්‍රපටය ඔස්සේ ගෙන දැක්වීමට ඔහු සූදානම් බවයි සඳහන් වන්නේ. ලබන වසරේ මෙම චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කරන බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.